ජාතීන් හා ආගම් අතර විරසක ඇති කරන අයට දැඩි දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ කටයුතුවල නිරත පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කර සිටියි.

පොලිස් මූලස්ථානය නිවේනදනයක් නිකුත් කරමින් පවසනුයේ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

එවැනි සිද්ධීන් වළක්වා ගැනීම සඳහා සියලු පොලිස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් ක්‍රියා කළ යුතුය. සියලු පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳ දැනුවත් කරමින් චක්‍ර ලේඛයක් යැවීමට ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇත.

ජාතීන් හා ආගම් අතර ගැටුම්කාරී සිද්ධීන් ඇති කරන ඉතා සුළු පිරිසක් සමාජ ජාලා වෙබ් අඩවි තුළ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.

එවැනි කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *