පොසොන් උත්සවය වෙනුවෙන් 06වනදා සිට විශේෂ දුම්රිය සේවා

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය වාර 28 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව 06දා සිට 10දා දක්වා මෙම දුම්රිය ධාවනය කෙරේ.

මෙම විශේෂ දුම්රියවලට අමතරව 08දා සහ 09දා අනුරාධපුර – මැදවච්චිය, අනුරාධපුර – මහව අතර විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇත. 08දා සහ 09දා අනුරාධපුරය – මිහින්තලය අතර විශේෂ දුම්රිය 72ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. එමෙන් ම දිනපතා ධාවනය වන දුම්රිය සඳහා අමතර මැදිරි එක් කිරීමට ද කටයුතු යොදා ඇත.

කොළඹ කොටුවෙන් විශේෂ දුම්රියයන් 06දා දහවල් 12.00 ට, 07දා අලුයම 3.30 ට, පෙරවරු 8.20 ට, පෙරවරු 10.40 ට, දහවල් 12.45 ට, පස්වරු 6.00 ට හා රාත්‍රි 11.15 ට ද අනුරාධපුරය බලා ධාවනය කෙරේ.

ඊට අමතරව අවිස්සාවේල්ලේ සිට අනුරාධපුරය බලා දුම්රියක් ධාවනය කෙරේ.

08දා විශේෂ දුම්රිය කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා අලුයම 03.30 ට හා පස්වරු 6.10 ට ධාවනය කෙරේ. එදින මහව සිට පෙරවරු 10.40 ට තවත් දුම්රියක් ධාවනය වේ. 09දා මරදානෙන් අලුයම 4.00 ට අනුරාධපුරය බලා දුම්රියක් ගමන් කරයි. 09දා සහ 10දා මහව සිටද විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *