බුලත්සිංහල නායයාම් අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – කළුතර බුලත්සිංහල තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් කිහිපයක් ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ඒ අනුව පවුල් 22ක පුද්ගලයින් ඉන් ඉවත් කර ඇත.

මේ අතර දිස්ත‍්‍රික්ක 07ක් සඳහා වන නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක‍්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =