රටවල් 5ක් කටාර් රජය සමග ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා නවතයි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබිය, බහරේන් රාජ්‍ය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය, කටාර් රජය සමග ඇති සියලුම රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා නවතා දැමීමට තීරණය කර ඇත.

එම රටවල් පවසා ඇත්තේ කටර් රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දක්වන බවය. සෞදි අරාබි දේශසීමාව ද වසා දැමීමට පියවර ගෙන ඇති අතර ගුවන් සහ නාවික ගමන් ද නවතා ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් කටාර් රාජ්‍යය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. කිසිදු මූලික සාක්ෂියක් නොමැතිව මෙම තීරණය ගෙන ඇති බව කටාරය සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − seventeen =