ඇළෙන සුළු සහල් තොග අලෙවිය සතොස තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලංකා සතොස වෙළඳසැල්වල අළෙවි වූ දැඩි ලෙස ඇලෙස ස්වභාවයක් පවතින බවට චෝදනා එල්ල වන සහල් වර්ගයක් අලෙවි කිරීම අත්හිටුවා තිබේ.

අදාල සහල් වර්ගය පිළිබඳව තත්ත්ව වාර්තාවක් ද කැඳවා ඇති බව ලංකා සතොස ආයතනයේ සභාපති ටී.එම්.ඩී.කේ. තෙන්නකෝන් මහතා පැවසීය.

ලංකා සතොස වෙළඳසැල්වල බහුලව අලෙවි වන සහල් වර්ගයක් ප්‍රමිතියෙන් තොර බවට පසුගිය දින කිහිපයේදී දැඩි විවේචන එල්ල විය. එම සහල් වර්ගය පිසූ පසු ඇලෙන බවත් එය ගුටි කර බිම ගැසූ විට බෝලයක් මෙන් යළි බම්ප් වන බවටත් චෝදනා එල්ල වී තිබුණි.

එම සහල් වර්ගය පිළිබඳව ලැබෙන තත්ත්ව වාර්තාවට අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ නමුත් තමා ද අනුභව කරන්නේ හම සහල් වර්ගය බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *