ජගත් පරිසර දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

ජගත් පරිසර දිනය නොකඩවා 1973 වසරේ සිට සමරනු ලබයි. ”Connecting People to Nature” මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි.්

ලෝක පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ, 1972 වර්ෂයේදී ස්වීඩ‍නයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමත් සමගය. පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, පරුසර දුෂණය වළක්වාලමින් සුරක්ෂිත පරිසරයක් සඳහා ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණක් වී තිබේ.

ස්වාභාවික විපත් වන ගංවතුර, නාය යෑම්, ගිනි කඳු පිපිරීම් ආදී ස්වාභාවික විපත් අදවනවිට බහුලව ලොව පුරා ඇති වෙමින් පවති. ගෝලීය උණුසුම ඉහළ යෑම බලවත් තර්ජනයක් අනාගතයට ඉතිරිකරන බව මේ වනවිටත් ගෝලීය පරිසර විශේෂඥයන් පෙන්වා දී තිබේ.

වායු දූෂණය, ජල දූෂණය, මෙන් ම ජනතාව ජීවත්වන අවට පරිසර ආරක්ෂිත වටපිටාවක් බවට පත් නොකොට දූෂිත පරිසර පද්ධතියක් ලෙස පවත්වා ගැනීම නිසා දෛනික මානව ක්‍රියාකාරකම්වලට බලවත් තර්ජනයක් අත්කර දී තිබේ. එමෙන් ම පරිසරට බරපතල ප්‍රථිඵල අත්කර දෙන විපත්වලට ප්‍රධාන හේතුව වන්නේ මානව ක්‍රියාකාරකම් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

පරිසරයට හිතකාමී නොවන ජීවන මාදිලීන් හෝ චර්යාවන්ගෙන් ඉවත්වීමටත් පරිසර හිතකාමී ජීවන සම්ප්‍රදායන් හෝ චර්යාවන් පුරුදු පුහුණු කිරීමත් මානවයාගේ චර්යාවන් හා සෘජුව බැදී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

එමෙන් ම ජගත් පරිසර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පවසන්නේ, ”මානව පැවැත්මට, විශ්වයේ පැවැත්මට පරිසර සංරක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳ මනා අවබෝධයෙන්, වගකීමෙන් අද දවසේ අප කටයුතු නොකරන්නේ නම් එය ඉතාම අහිතකර ලෙස සහ විනාශකාරී ලෙස අපගේ හෙට දවස ආක්‍රමණය කරනු ඇති” බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *