ජනපති ලන්ඩනයට සොව පළ කරයි 

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැදවු ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එංගලන්ත ජනතාවට ශෝකය පළ කර සිටියි.

සිය ට්විටර් අඩවිය තුල සටහනක් තබමින් ජනාධිපතිතුමා සදහන් කර ඇත්තේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් කුරිරු ක්‍රියාවක් බවත් මෙම ප්‍රහාරයෙන් විපතට පත් ලන්ඩන් නුවර ජනතාවට සිය සංවේගය පළකර සිටින බවත් ය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘ලන්ඩන් බ්‍රිජ්’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැගෙනහිර ලන්ඩනයේ දී පුද්ගලයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය

සෙනසුරාදා රාත්‍රියේ ‘ලන්ඩන් බ්‍රිජ්’ සහ ‘බරෝ මාකට්’ ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තුවාල ලැබූ 48 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සෞඛ්‍ය සේවා නිවේදනය කළේය. තුවාල ලැබූවන් අතරින් 21 දෙනෙකු බරපතළ තත්වයේ පසුවේ.

‘ලන්ඩන් බ්‍රිජ්’ පාලම මත සිටි පදිකයන් වෙත වෑන් රථයක් ධාවනය කළ ප්‍රහාරකයන් තිදෙනා ඉන් අනතුරුව ඒ ආසන්නයේ පිහිටි ‘බරෝ මාකට්’ ප්‍රදේශය වෙත ගොස් ඒ අවට අවන්හල් තුළ සිටි සංචාරකයන් සහ සාමාන්‍ය වැසියන්ට පිහි ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *