මියගිය අයට පිං අනුමෝදනා කිරීමට පරිත්‍රාන ධර්ම දේශනයක් නිදහස් චතුරස්‍රයේදී

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා නායයෑම්වලින් මියගිය සියලු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මෙන්ම සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවට හා රටට සෙත්පැතීම සඳහා සිදුකරනු ලබන සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය අද (05) දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වෙන් මෙම පරිත‍්‍රාණ ධර්ම දේශනාව සිදුකිරීමට නියමිතය.

මෙම පුණ්‍යෝත්සවය සඳහා මහා සංඝරත්නය එදින ප.ව 5.00 ට පමණ කොළඹ 07, ආර්.ජී සේනානායක මාවතේ, ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට දර්ශනීය පෙරහරකින් නිදහස් චතුරස‍්‍රය කරා වැඩමකරවීමට නියමිත අතර ප.ව 6.00 ට පරිත‍්‍රාණ ධර්ම දේශනය ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *