අයහපත් කාලගුණයෙන් විසන්ධි වූ විදුලි සැපයුම අද සිට යථා තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණය හේතුවෙන් විසන්ධි වූ විදුලි සැපයුම අද (06) වනවිට මුළුමණින්ම යථා තත්ත්වයට පත්කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වැලිගම ප්‍රදේශයේ ඊයේ (05) පැවැති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ආපදාව හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 627000කගේ පමණ විදුලිය විසන්ධි වූ බවට තොරුතු වාර්තා වී ඇත. එයින් සියයට 99ක් පමණ ඊයේ(05) යථා තත්ත්වයට පත් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

විදුලිය බිඳවැටීමට අමතරව ආරක්ෂාව පිණිස විදුලිය විසන්ධි කිරීම සිදුවූ බවත්, මාතර දිස්ත්‍රික්කයට වැඩිම හානියක් සිදුව තිබූ බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =