ඇමති රවී සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති විශේෂ සාකච්ඡාවක

(කොළඹ, ලංකාපුවත්) – විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂීයැං ලියෑං මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ(05) මෙම හමුව සිදුවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් රවී කරුණානායක අමාත්‍යවරයාට සුබපැතුම් එක්කර තිබේ.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදි අවධානය යොමුවී ඇත. චීන රජය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟට ලබාදෙන සහය අතිශය අගය කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 12 =