කටාර් අර්බුදය හේතුවන් ගුවන් ගමන් ද නවතී

(කොළඹ, ලංකාපුවත්) – ආරාබි රටවල් 06ක් කටාර් රාජ්‍යය සමග තානාපති සබඳතා බිඳ දැමීමට පියවර ගැනීම හේතුවෙන් ගල්ෆ් කලාපය තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් මේ වන විට උද්ගත වී ඇත.

කලාපීය ගුවන් සේවා රැසකට මින් බලපෑම් එල්ල වී තිබේ.

සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් කටාර් රාජ්‍ය සමග පැවති සියලු තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.

එසේම සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමිරේටය, කටාර් රාජ්‍ය හා සම්බන්ධ වන ගුවන් හා දේශ සීමා වසා දැමීමට ද පියවර ගෙන තිබේ

කටාර් රාජ්‍ය, කලාපීය අස්ථාවරත්වයට හේතු වන අයුරින් ත්‍රස්තවාදීන්ට සහය ලබා දෙන බව එම රටවල් චෝදනා කරනු ලැබේ. නමුත් එම චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කටාර් රාජ්‍ය කියා සිටියේය.

සෞදි ගුවන් තොටුපොළවල, කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානා ගොඩ බැස්සවීමට හෝ එරට ගුවන් සීමාව හරහා ගමන් කිරීම ද තහනම් කර ඇතැයි වාර්තා වේ. ඊජිප්තුව හා කටාර් රාජ්‍ය අතර සියලුම ගුවන් ගමන් වාර යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර කටාර් එයාර්වේස් ගුවන් සේවය සෞදි අරාබිය වෙත ගුවන් යානා යැවීම අත්හිටුවනු ලැබූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *