(කොළඹ, ලංකාපුවත්) – කටාර් රියාල් පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුව යොදා ගනිමින් පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර ඇත්තේ කටාර් රියාල් භාර නොගන්නා ලෙස මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවය.
කෙසේ නමුත් කටුනායක ගුවන් තොටුපොලේ බැංකු ශාඛාවලින් කටාර් රියාල් රුපියල්වලට හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් කටාර්හී සිට පැමිණි ශ්‍රී ලාංකික විශාල ශ්‍රමිකයින් පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියි.