කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන දැන ගැනීමට දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍ය යේ අර්බුදයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මේ අතර කටාර් හි ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා පැවසුවේ කටාර් රාජ්‍යයට උද්ගත වී ඇති අර්බුදයෙන් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැති බවය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය පුද්ගලයින්ට පෞද්ගලිකව තමන්ට ඇමතිය හැකි බව ඒ එස් පී ලියනගේ මහතා කියා සිටියේය. 0097455564936 එම දුරකථන අංකය වේ.

එමෙන්ම කටාර් රාජ්‍ය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟ කමක් නොමැති අතර ඕනෑම අවස්ථාවකට හැසිරවිය හැකි ලෙස එම භාණ්ඩ යොදා ගැනීමේ හැකියාවක් ද පවතින බව හෙතෙම පැවසීය.

ත්‍රස්තවාදයට උපකාර කරන බවට චෝදනා කරමින් රටවල් හයක් මේ වන විට කටාර් රාජ්‍යය සමග තානාපති සබදතා නතරකර දැමීමට පියවර ගෙන තිබේ.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව, යේමනය, ලිබියාව හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය මෙසේ තානාපති සබදතා නතර කිරීමට තීරණය කර ඇති රටවල් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 8 =