(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම තාවකාලිකව නවතා ඇත.
මේ සමඟ කටාර්හි සිට පැමිණෙන ශ්රී ලාංකිකයින් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටියි.
ත්රස්තවාදයට සහය පල කරන බවට චෝදනා කරමින් සෞදි අරාබියාව ඇතුළු රටවල් 05ක් කටාර් රාජ්ය සමඟ සබදතා නවතා දැමීමට ඊයේ(05) තීන්දු කළේය.