“ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ( විශේෂ විධිවිධාන )” නැමැති පනත් කෙටුම්පත – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ශේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ( විශේෂ විධිවිධාන )” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (06) කතානායක කරුජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

පනත් කෙටුම්පත හෝ එහි කිසිවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි.”අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තා” යන්නෙහි නිර්වචනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි සංශෝධනය කළ යුතු බවට තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ද කතානායකවරයා නිවේදනය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *