(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන මාසයේ බංග්ලාදේශයේ ඩකා හි නිල සංචාරයක නිරත වීමට නියමිත බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත.
එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වන බව බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර තිබේ.
ජුලි මස 13වනදා සිට 16 වනදා දක්වා දින 04ක කාලයක් ජනාධිපතිතුමා එරට රැදී සිටීමට නියමිතය.
මේ අතර ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ආධාර වශයෙන් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් අදාළ මූල්‍යාධාරය ලබාදීමට ඊයේ(05) දිනයේ තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වකවානුවේ දී බංග්ලාදේශයේ සංචාරයක නිරත විය.