පාහියන්ගල ලෙන ආරක්ෂාවට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නාය යාමේ අනතුරකට මුහුණ දී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම මැදිහත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එහිදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කඩිනමින් තමා දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

පාහියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ගල්ලෙන මෙරට පිහිටි විශාලත ම ගල් ලෙන වන අතර වසර 58,000 ක ප්‍රාග් ඓතිහාසික අතීතයකට හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *