ශ්‍රී ලංකාව, ආසියාවේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ද එක් කර ඇත.

ෂැංහයි හි දී පවත්වන ලද ‘ලෝක සංචාරක ආසියා හා ඕස්ට්‍රේලියා 2017’ සම්මාන උළෙලේ දී මෙය ප්‍රකාශයට පත් වී තිබේ.

සංචාරක නිෂ්පාදන හා සේවා රටේ බොහෝ පරාසයක පිළිබිඹු වීම ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය ලබා ගැනීමට ප්‍රමුඛ වී ඇත.

එසේම ප්‍රධාන පෙලේ ත්‍රාසජනක සංචාරක ගමනාන්තයක් ලෙස ද ශ්‍රී ලංකාව එහිදී ප්‍රකාශයට පත් කර තිබුණි.

අන්තර්ජාල ඡන්ද ක්‍රියාවලියක් මත පදනම්ව මෙම තේරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ, වනජීවීන් මෙම ත්‍රාසජනක සංචාර සදහා ඉවහල්ව ඇති අතර තායිලන්තය සිත්ගන්නා ගමන් විකල්පයක් ලෙස නැගී එන ලැයිස්තුවට එක් කර තිබේ.

එසේම අලි ඇතුන්, දිවියන්, වල් මී හරක්, තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමේ හැකියාව ද ශ්‍රී ලංකාව තුළ පවතී. ලොව ප්‍රමුඛතම රළ කිමිදුම් අත්දැකීම්, අලි ඇතුන් පිට යෑම, කදු තරණය වැනි දෑ වලින් ශ්‍රී ලංකාව සමන්විත බැවින් එය සන්ත්‍රාසයට හේතු වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *