සාගර සම්පත ආර්ථිකයට යොදාගැනීමේ වැදගත්කම අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – සාගර පරිසරය සුරකිමින් ආර්ථිකයට සාගර සම්පත යොදාගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේදී පැහැදිලි කළේය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන සාගර සමුළුව ඊයේ(05) අග්‍රාමාත්‍යවරයා විසින් අමතනු ලැබීය.

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කර ගැනීම සඳහා සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධයකයන් කළමනාකරණය පිළිබඳ සමුළුවේදී අවධානය යොමු කෙරුණි. සාගර හා වෙරළබඩ පරිසර හානිය අවම කිරීමේ ක්‍රියාදාමය මෙම සමුළුවත් සමග ආරම්භ කිරීමට නියමිතය.

සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්වභාවික ආපදාවකට මුහුණදී සිටින මේ මොහොතේ ප්‍රථමයෙන්ම විවිධ අයුරින් උදව් උපකාර කළ විදේශ රාජ්‍යන්ට තම ස්තූතිය පළ කරන බවය.

පරිසරය රැක ගැණීමට ආගමානුකූල හා සංස්කෘතිකමය හුරුවක් ලක් වාසීන්ට පවති. ඉන්දීය සාගර කලාපය පිරිසිදු ව තබා ගැනීමේ වැදගත්කම මෙන්ම ඒ හරහා ගොඩනගා ගත හැකි ආර්ථීක සංවර්වධනය පිළිබදවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

ආර්ථීක සංවර්ධනයට මෙන්ම පාරිසරික සුරක්ෂිතතාවටද පෞදගලික අංශයට ලබා දිය හැකි දායකත්වය අති විශාලය. සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නීති ශක්තිමත් කිරීමද ඉතා වැදගත්ය. ජනාධිපති මෛත්‍රීපාලගි සිරිසේන මැතිතුමා පාරිසරික සංරක්ෂණ ජාත්‍යන්තර ගිවිසුම්වලට අත්සන් තබමින් රටක් ලෙස පරිසර සුරක්ෂිතතාවට ශ්‍රී ලංකාව ලබා දෙන සහාය පිළිඹිබු කර තිබේ. සාගර සංරක්ෂණයට පියවර ගැනීම තුළින් තිරසර සාගර ආර්ථීකයක් නිර්මාණය කිරීමට හැකි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *