හාල් ප්ලාස්ටික් දැයි සෙවීමට සරළ පරීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ප්ලාස්ටික් සහල් වර්ගයක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය විය.

ඇතමුන් ඒවායෙන් ගුලිකර බෝල ගැසීමට හැකි බව පෙන්වමින් වීඩියෝ පටද නිකුත් කර තිබුණි.

එහෙත් විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එමගින් ඇය පවසා ඇත්තේ රටකින් රටකට වවන සහල්වල කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය වෙනස් විය හැකි බවය. චීනය සහ ජපානය සුෂි නමැති කෑම වර්ගය සැදීමට මෙවන් දිළිසෙන සහල් වැඩි වර්ගයක් භාවිත කරන බවත් ඇය පෙන්වා දී ඇත.

රටකින් රටකට වවන හාලේ කාබෝහයිඩ්‍රට් (පිටි/ කැඳ/ පිෂ්ඨය/ ස්ටාර්ච්) ප්‍රතිශතය වෙනස් වේ. චීනය, ජපානය සුෂී යන කෑම වර්ගය සාදන්නේ මෙවන් දිළිසෙන ස්ටාර්ච් වැඩි සහලින් පිසූ බතිනි. ඔවුන් ඒවා වසර 300 ගණනක සිට අනුභව කරයි.

එසේම වෛද්‍ය උත්පලා උත්පලා අමරසිංහ මහත්මිය නිවසේ සිටම සිදු කළ හැකි පරික්‍ෂා කිරීම් කිහිපයක් පෙන්වා දී ඇත.

01. ජලයේ පාවීම –
ජලය පිරි වීදුරුවකට හාල් ඇට කිහිපයක් දමන්න. මේවා පාවේ නම් ප්ලාස්ටික් වන අතර එකවර ගිලේ නම් ස්වභාවික හාල් වේ.

02. පුළුස්සා බැලීම –
හාල් ඇට ගිනි කූරකින් හෝ ගින්දරින් පුළුස්සා බැලීමේ දී ප්ලාස්ටික් සුවද එන්නේ නම් ඒවා ප්ලාස්ටික් හාල් වේ.

03. බත් පිලුණු වී දිළීර වැඩීම –
උයන ලද පත් ඇට කිහිපයක් පීරිසියක දමා දින කිහිපයකට පසු නිරීක්‍ෂණය කරන්න. දින 03කට පසු දිළීර සෑදී ඇත්නම් (පුස් කා) ඒවා ස්වභාවික හාල් වේ.

04. බත් ඇට තෙලේ බැදීම –
තෙල් තාච්චිය නටන විට (200 c) බත් ඇට කිහිපයක් දමන්න. ප්ලාස්ටික් නම් අඩියට බසී. ස්වභාවිත සහල් ඉහළ පාවෙමින් නටයි.

05. තාපාංකයේ දී ප්ලාස්ටික් වල හැසිරීම –
ප්ලාස්ටික් තම වාෂ්පාංකය ලඟාවීමේ දී තෙලෙන් ඉහළට පැමිණ තාච්චියේ තෙල් මත දැඩි පටලයක් බඳියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + seventeen =