ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 05ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ මේ ඝාතන සිදුකර ඇත්තේ ඕර්ලන්ඩෝ කාර්මික වතුයායේදී වන අතර මිය ගිය සියලුදෙනා එහි සේවකයින් වේ.

වෙඩි තැබූ පුද්ගලයා ද සිය දිවි හානි කරගෙන ඇත.

වෙඩි තැබීම සිදුකළ තැනැත්තා එහි සේවයෙන් පහ කරනු ලැබූ අයෙකු බව පොලීසිය සදහන් කර තිබේ.

මේ පුද්ගලයා කිසිඳු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු ලැබී නොමැත. එබැවින් රාජකාරී ස්ථානයේ සිදුවූ ගැටුමක් මේ ප්‍රහාරයට හේතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ.

2014 දී ඔහු කාර්ය මණ්ඩලයේ අයෙකුට පහර දුන් බවට ද තොරතුරු ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 12 =