කටාර් සම්බන්ධ රජයේ ස්ථාවරය ඇමතිනී තලතා පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට සහ මුහුදු, ගොඩබිම් සහ ගුවන් සියළු දේශසීමා වසා දැමීමට අරාබි රටවල් හයක් ගෙන තිබෙන තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලාංකිකයන් 125,000 ක් පමණ කටාරයේ සේවයේ නිරත වී සිටිති.

ඇමතිනීය කියා සිටියේ, අරාබි රටවල තීරණය ඔවුන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ නොවන බවය.

“ස්වාධීන රටක් හැටියට අපි අපේ ස්ථාවරයේ ඉන්නව,” ඇමතිනිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *