ලන්ඩන් ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර ට පසුගිය සෙනසුරාදා (03) එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසුව අයි සී සී ශුරයන්ගේ කුසලානය සඳහා සහභාගිවන රටවල ක්‍රිකට් කණ්ඩායම් සඳහා ආරක්ෂාව තර කිරීමට එංගලන්ත බලධාරීන් පියවරගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ ප්‍රධානින් කිහිප දෙනෙක් කණ්ඩායම්වලට අනුයුක්ත කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල පළමු වරට ඊයේ (05) ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරක්‌ෂාවට එරට ආරක්‌ෂක ප්‍රධානියකු ද පැමිණි බව කණ්‌ඩායම් කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

” අපේ කණ්‌ඩායමේ ආරක්‌ෂාව වැඩි කරල තියෙනවා. ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයට අපි යනකොට ආරක්‌ෂක ප්‍රධානියකුත් අපේ බස්‌එකේම ක්‍රීඩාංගණයට ගියා. ඒ අය හොඳ ආරක්‌ෂාවක්‌ ලබා දෙනවා. කොහොම වුණත් ලන්ඩන් ප්‍රහාරයෙන් පසුව තවත් ආරක්‌ෂක තත්ත්වය අපේ වැඩි කළා.” යෑයි ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ඉන්දියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා (08) පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *