සංගාට සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන ඇත.

එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් මේ වන විට කුමාර් සංගක්කාර ක්‍රීඩා කරමින් සිටි.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තවත් ක්‍රීඩකයන් තිදෙනකු සමඟ තරග කළ සංගක්කාරට අනෙක් ක්‍රීඩකයන් තිදෙනටම හිමි ඡන්ද සංඛ්‍යාවේ එකතුව මෙන් දෙගුණයක් පමණ ඡන්ද හිමිව තිබේ.

කුමාර් සංගක්කාර පවසා ඇත්තේ මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමාවේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *