සුසන්තිකා ජයසිංහට දුරකථන ඇමතුමක්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික අපහසුතා පියවා ගැනීම සඳහා සිය ඔලිම්පික් රිදී පදක්කම විකුණන බවට තමා කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බව සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

ඇය කියා සිටියේ තමාට උපකාරයක් නොලැබේ නම් මෙම තීරණය පමා නොවී ක්‍රියාත්මක කරන බවය.

කෙසේ වෙතත් සුසන්තිකා ජයසිංහ වෙත මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් ලබා දී ඇති මෙම දුරකතන ඇමතුමින් කියවී ඇත්තේ සුසන්තිකාගේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය. ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙන තෙක් මදක් ඉවසන ලෙස ද ඉන් සඳහන් කර ඇත.

සුසන්තිකා ජයසිංහ මහත්මිය කියා සිටියේ තමන්ට ක්‍රීඩා ඇමතිවරයා සමඟ කිසිදු පෞද්ගලික තරහක් නොමැති බවයි. “මම දයාසිරි ජයසේකරට වඩාත් කැමති කෙනෙක්. ඔහුගේ පෞර්ෂ්‍යය සහ පෙනුමට මම කැමතියි. මට ඇමතිතුමා සමග පෞද්ගලික තරහක් නැහැ. හැබැයි අපිව මෙහෙම පැත්තකට දාලා කාලකන්නි කරන එක මට ඉවසන්න බැහැ. අනාගත ක්‍රීඩා පරපුරත් අපිට වෛර කරයි. අපේ අත්දැකීම් දක්ෂතාවය ඔවුන්ට ප්‍රයෝජනවත් විය යුතුයි.” යැයි ඇය වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *