2017 ශ්‍රී ලංකාවේ 4.7% ක ආර්ථික වර්ධනයක් – ලෝක බැංකුව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2017 වසරේදී 4.7% ක් වර්ධනයක් අපේක්ෂාකරන බව ලෝක බැංකුව පවසයි. සිය වර්තාවක් එළිදක්වමින් ලෝක බැංකුව මෙසේ ප්‍රකාශ කර තිබේ.

එසේම එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්ෂුද්‍ර ආර්ථික සංවර්ධන වැඩසටහන් සාර්ථක වීමත් සමඟම 2019 වසර වන විට 5.1% දක්වා ඉහල යන බවද ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් අනාවැකි පල කරයි.

ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති ඔස්සේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මාධ්‍ය කාලීනව ඇති පෞද්ගලික ක්ෂේත්‍රයේ තරගකාරිත්වයට ඇති බාධාවන් ඉවත්වීම තුලින් ඍජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව වෙත ගලා එනු ඇති බව විශ්වාස කෙරේ.

එසේම ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබීම ඔස්සේ ද අපනයන ආර්ථිකයේ ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි වන තර එමගින් යුරෝපා වෙළඳපොලේ අපනයන වල ඉහල යාමක් ද බලාපොරොත්තුවිය හැකි බව ලෝක බැංකු වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ඉන්දියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා (08) පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =