(කොළඹ, ලංකාපුවත්) – තුවක්කුකරුවන් පිරිසක් විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා කොමේනි දේවස්ථානයට වෙඩි තබා තිබේ.
තුවක්කුකරුවෙකු ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම නිලධාරියා මිය ගොස් ඇති බවද වාර්තා වේ.
නූතන ඉරානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අයතුල්ලා කොමේනිගේ දේවස්ථානයට ද තුවක්කුකරුවන් වෙඩි තබා ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, පාර්ලිමේන්තු සංකීර්ණය තුළ වෙඩි තැබීම අවසන්ව ඇති අතර ආරක්ෂාව තර කර ඇති බව ය.
ඉරාන මාධ්‍ය සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය.
අයතුල්ලා කොමේනි විසින් 1979 වසරේ දී ඉස්ලාමීය විප්ලවය දියත් කරන ලදි.