මැතිව්ස් යළි තරග බිමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය සඳහා සහභාගිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගියදා ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ලකුණු 96කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස‍්ගේ පාදයේ ආබාධය පූර්ණ සුව නොවීම හේතුවෙන් එම තරගය සඳහා ඔහු සහභාගි වී නොවීය.

කෙසේ වෙතත් මැතිව්ස්, ඉන්දියාවට එරෙහි තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය හෙට(08) කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =