(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට බලපා ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් ඊජිප්තුව ඇතුළු රටවල් කිහිපයක් කටාර් ගුවන් යානාවලට සිය ගුවන් සීමාවලට ඇතුළුවීම තහනම් කර තිබේ.
කටාර් රාජ්‍යය සඳහා ගුවන් ගමන් නතර කිරීමට සවුදි අරාබිය, ඊජිප්තුව සහ බහරේනය ඇතුළු රටවල් කිහිපයක් සහාය පළකර ඇත. ඒ අනුව බහරේන්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්යයන රටවල සිටින කටාර් පුරවැසියන්ට එම රටවලින් පිටවීමට සති දෙකක කාලයක් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මේ තත්ත්වය මත බොහෝ ජාත්‍යන්තර ගුවන් ගමන්වලට කේන්ද්‍රස්ථානය වන දෝහා අගනුවර හරහා ගමන් ගන්නා ගුවන් යානා වලට බාධා පැමිණ ඇති බව විදෙස් වාර්තා සදහන් කර ඇත. එමිරේට්ස්, ඉටිහාඩ්, ෆ්ලයි ඩුබායි සහ තවත් ගුවන් සේවා කිහිපයක්ම මෙම තත්ත්වයට මුහුණ පා ඇත.
එසේම කටාර් ගුවන් සේවය ද එම රටවලට සිය ගුවන් ගමන් නතර කිරීමට පියවර ගෙන තිබේ. එම ගුවන් ප්‍රවේශපත් මිලදී ගත් මුදල් නැවත ලබාදීමට ඔවුන් කටයුතු කර ඇත.