වසර 2020 දී දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වනවිට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දුම්කොළ හා මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා රජය විසින් දැනටමත් ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බව ඇමතිවරයා එහිදී කියා සිටියේය. එසේම ඉදිරියේදී පාසල් අසළ වෙළඳසැල්වල දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීම සඳහා කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

දුම්කොළ වගාකරන ගොවීන් 38,000ක් පම්ණ සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. පාසල් අවට මීටර 500ක දුරින් කිසිදු දුම්කොළ අළෙවි කිරීමක් සිදු කළ නොහැකි බවද පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී තනි සිගරට්ටුවක් මිලදී ගත නොහැකි බව පැවසීය.ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසසුම් ලැබී ඇති බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව රෝල් මොඩලය ලෙස පිළිගෙන ඇතැයි ද පැවසී ය.

ලෝකයේ සියයට 70%ක් පමණ බෝ නොවන රෝගවලින් මිය යන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර පුද්ගලයින් 25000ක් පමණ දුම්බීම හේතුවෙන් මිය යන බවත් වක්‍ර දුම්පානය හේතුවෙන් ඉන් සියයට 5%ක් පමණ දරුවන් මිය යන බව කීය.

මත්වතුර පානය කිරීම පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන හේතුවක්.මත් වතුර පානය අඩු කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබේ.මත් වතුර පනය කිරීම හේතුවෙන් වැළඳෙන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට රජය වසරකට වැය කරන මුදල දළ වශයෙන් මිලියන 142ක් බව අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + five =