සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනය කිරීමට වෙනම අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය සේවාව නිසි පරිදි කඩිනම්ව ජනතාවට ලබාදීම එහි අරමුණ වේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ නව සායන සංකීර්ණය සහ හෘද රෝග ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ඊට වැයකළ මුදල රුපියල් මිලියන 310කි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියාසිටියේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භූමියේ ඉදිකිරීමට යෝජිත හෙද පීඨයට ලබන මාසයේ මුල්ගල තබන බවය. සම සෞඛ්‍ය සහ පරිපූරක වෛද්‍ය උපාධිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව වෙනම පීඨයක් ස්ථාපනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =