අයහපත් කාලගුණය නිසා කොරියානු විභාගයට අයදුම් නොකළ අයට සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දින දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ අපේක්ෂකයින්ට ඒ සදහා විකල්ප දිනයක් ලබා දීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර ඇත.

ඒ අනුව, අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

කාලගුණික තත්ත්වය හේතුවෙන් අයදුම් කිරීමට නොලැබුණු බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ සමාදාන විනිශ්චකාරවරයෙකුගෙන් ලබා ගන්නා තහවුරු ලිපියක්ද සමග ලබන 12 වන දිනට පෙර ආසන්නතම කාර්යංශයේ මධ්‍යස්ථානය වෙත භාර දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *