නේපාලයට නව අගමැතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ කොංග්‍රස් පක්ෂයේ නායක ශර් බහදූර් දෙව්බා, එරට නව අගමැතිවරයා වශයෙන් තේරී පත්ව සිටි.

ඔහු මීට පෙර අවස්ථා තුනකදී ද නේපාලයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කර තිබුණි.

පුෂ්ප කමල් දහල්, බලය බෙදා ගැනීමේ වැඩපිළිවෙළක් යටතේ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි, මේ ඡන්ද විමසුම පැවැත්වුණි.

70 හැවිරිදි බහදූර්, ආසන 593කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 388ක් ලබාගැනීමට සමත් විය. නේපාලයේ දස වැනි ආණ්ඩුවට නායකත්වය ලබාදීමේ වගකීම දෙව්බා වෙත පැවරී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *