කුසල්ගේ තැන ධනංජයට

(කොළඹ, ලංකාපුවත්) – ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය අතරතුර ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ධනංජය ද සිල්වා ඉදිරියේ දී පැවැත් වීමට නියමිත තරඟය සඳහා මේ වන විට එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

කුසල් ජනිත් පෙරේරා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර ඔහුගේ කලවා ප්‍රදේශය මෙලෙස ආබාධයට ලක්ව ඇති බවත් අද දිනයේ දී රේඩියෝග්‍රැෆි පරීක්ෂණයක් යොමු කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව රෝගී තත්ත්වය පිළිබඳ අවසන් නිගමනයට පැමිණීමට බලාපෙරොත්තු වන බවත් වාර්තා වේ.

ඊයේ ඉන්දියාව සමග පැවති තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටි කුසල් ජනිත් පෙරේරා පාදයේ මතුවූ ආබාදය හේතුවෙන් අතරමග පිටියෙන් ඉවත් විය.

ඒ වනවිට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47කි.

මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන 12 වනදා පකිස්ථානය සමග පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − five =