ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහාය දීමට සූදානම් – ඉන්දියා ජාතික ආරක්‍ෂක උපදේශක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සූදානම් බව ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් මහතා පවසා ඇත.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මුණ ගැසුණු අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විදේශ අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක සිය පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය යොදාගෙන තිබුණේ ඉන්දියාවටය.

ඒ අනුව පසුගියදා අමාත්‍යවරයා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මුණ ගැසුණි. ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් අතර හමුව පැවැත්වුණේ නවදිල්ලි නුවරදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *