හදිසි ආපදා තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදය අද

(කොළඹ, ලංකාපුවත්) – රටේ ඇති වූ ගං වතුර සහ නාය යෑම් ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (09) දිනය පුරා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද දිනට ගැනීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න නොවිමසා විවාදය පැවැත්වීමට තීරණය කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය. විවාදය සඳහා කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කළේ ය.

ඒ අනුව අද දින විවාදය රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 13,000ක් පමණ තදුරටත් ආරක්ෂිත ස්ථාන 149ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඉන් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 105ක පුද්ගලයින් 9,202 දෙනෙකු රැදී සිටියි.

මේ අතර අඛණ්ඩව වැසි පැවතියහොත් නායයාමේ අවදානම තවදුරටත් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ අද පස්වරුව දක්වා බලපැවැත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − one =