ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන්ට නීතිය තදින්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කරයි.

ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් වන පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉදිරිපත් කළ හැකි අතර එම පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව විමර්ශනය කරන බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි ළඟම ඇති පොලීස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ඇමතීමෙන් ලබාදිය හැකි බව ඇය පැවසුවාය.

ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් දැයේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ප්‍රකාශ කළාය.

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය ලබන සදුදාට(12) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ “ගැටුම් හා ආපදාවන් හී ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු!” යන්නයි. ළමා ශ්‍රමිකත්ව ගැටළුව තුරන් කිරීම අරඹයා ශ්‍රී ලංකාවේ වැඩසටහන් කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති.

විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වර්තමානය වන විට ගමින් ගමට මෙන්ම පාසලින් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් වැඩකටයුතු සිදු කරනු ලබන අතර ළමා ශ්‍රමිකත්වය තුරන් කිරීම සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය නොලබන දරුවන් පාසල් ගත කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වර්තමානය වන විට සිය යාන්ත්‍රනය මෙහෙයවමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − six =