අමාත්‍යාංශ දහයකට නව ලේකම්වරු

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍යාංශ දහයක් සඳහා පත්කර ඇති නව ලේකම්වරු පසුගිය 07වනදා පස්වරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

ඒ අනුව නව ලේකම්වරුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – ජී.එස් විතානගේ මහතා

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය – උදය ආර්.සෙනෙවිරත්න මහතා

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය – උපාලි මාරසිංහ මහතා

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය – ජේ.ඒ රංජිත් මහතා

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය – ශිරාණි වීරකෝන් මහත්මිය

කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යාංශය – එස්.ඒ.එන් සරණතිස්ස මහතා

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය – ජයන්ත විජේරත්න මහතා

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය – ඒ.පී.ජී කිත්සිරි මහතා

සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය – එල්.ඩී. සේනානායක මහත්මිය

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය – අනුර දිසානායක මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *