UPDATE : ත්‍රිරෝද රථ අනතුරෙන් අතුරුදන් වූ කුඩා පිරිමි දරුවාගේ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පසු මහියංගනය වියානා ඇළට එක් ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් අතුරුදන් වූ කුඩා පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ සිරුර මේ වනවිට සොයා ගෙන ඇත.

පොලිසිය සදහන් කළේ අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් ඇළ මාර්ගයේ තිබී සිරුර සොයා ගත් බවය.

අතුරුදන් වූ අනෙක් දරුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරේ.

කුඩා බෝට්ටු දෙකක් යොදා ගනිමින් පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසීය.

ඊයේ රාත්‍රි සිදුවූ මෙම අනතුරෙන් 21 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

ඇළට පෙරලී මෙලෙස අතුරුදන්වී ඇත්තේ 07 හැවිරිදි පිරිමි දරුවෙකු සහ දෙහැවිරිදි කුඩා ගැහැණු දරුවෙකි.

ඔවුන් බදුල්ල – මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.

 

ත්‍රිරෝද රථයක් වියානා ඇළට වැටී කාන්තාවක් මරුට – දරුවන් දෙදෙනෙකු අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – මහියංගනය වියානා ඇළට ත්‍රී රෝද රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇත. ඇළට වැටී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙකු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කළේය.

මහියංගනය , බදුල්ල ප්‍රධාන මාර්ගයේ දාහතේ කණුව ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ දෙකක් එකිනෙක ගැටීඇති අතර එක් ත්‍රී රෝද රථයක් මහවැලි වියානා ඇළට පෙරලී තිබේ.

එය කිලෝමීටරයක පමණ දුරක් ජලයේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. එම ත්‍රී රෝද රථයේ හය දෙනෙකු ගමන්කර ඇති අතර ඒ අතරින් දෙදෙනෙකු කුඩාදරුවන් බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව තිබේ.

කාන්තාවන් දෙදෙනා සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ අතර වැඩිදුර ප්‍රතිකාර සදහා දෙදෙනෙකු බදුල්ල රෝහල වෙත මාරුකර යවා තිබේ.

අතුරුදන් වූ දරුවන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *