ප්‍රින්ස්ගේ දේහය රෝහලෙන් නිදහස් කර ගත් අයුරු

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර ගත් බව වාර්තා වේ.

කෙසේ නමුත් එවැනි සහනයක් ලබා දීමට කටයුතු කළ රෝහලට ස්තූතිය පළ කරමින් ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා මේ පිළිබද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රින්ස්ගේ රසියකයින්ගෙන් ද ඉල්ලීමක් කර ඇත.

කීර්ති පැස්කුවෙල් මහතා තබා ඇති සටහන,
ආදරණීය ප්‍රින්ස් වෙනුවෙන්….
අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් අද දින රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.
වසර දෙකක කාලයක් තුල එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කල පරිත්‍යාගයන් වලින්.
අද දවසේ උදෑසන ප්‍රින්ස්ගේ බෙහෙත් වේල ලබා ගැනීම සඳහා ෆාමසියට යන ඇයට බෙහෙත් ලබාදීම ප්‍රතික්ෂේප වන්නේ බිල නොගෙවීමේ හේතුව මතයි. නමුත් කරැණික කලමණාකාර මහතෙකුගේ මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල දෙන්නට හැකිවුනා.
ඒ මොහොතේ සොහොයුරියක් ලෙස ඇය කෙතරම් අසරණ වන්නට ඇත්ද.
බොහෝ ආ‌ර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුනදෙන මෙම සොයුරිය…
මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරැණික සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙයි.
ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.
ශිරෝණි ප්‍රියංගිකා
ගිණුම් අංක- 8103017799
කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.
මෙම සටහන තුලින් ප්‍රින්ස් ප්‍රතිකාර ලබා ගත් රෝහල කිසියම් අසාධරනයක් කල බවක් ප්‍රකාශ නොකරන අතර ප්‍රින්ස් ප්‍රතිකාර ලබාගත් කාලය තුල ඔහු වෙනුවෙන් බොහෝ සහන රෝහල විසින් ලබාදුන් බව වැඩි දුරටත් සඳහන් කරමි.
කීර්ති පැස්කුවල්
ශ්‍රි ලාංකේය ගායක ගායිකා සංගමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *