මියන්මාර කඩා වැටුණු යානාවෙන් සිරුරු 29ක් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 122 ක්‌ සමග අතුරුදන් වූ මියන්මාර හමුදා ගුවන් යානය අන්දමන් මුහුදට කඩා වැටී ඇති බව ඊයේ රාත්‍රියේ විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මියන්මාරයේ දකුණු දිග නගරයක සිට රැංගුන් දක්‌වා ගමන් කරමින් තිබියදී මෙම යානය අතුරුදන්වූයේ පසුගිය බදාදාය.

මේවන විට මළ සිරුරු 29ක් සොයා ගෙන ඇති අතර එම සිරුරු අතරට ළමා මළ සිරුරු 08ක් ද ඇතුලත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම ගුවන් යානයේ මගීන් 122ක් ගමන් කළ අතර එහි හමුදා සාමාජිකයින් 35දෙනෙක් ද, ඔවුන්ගේ පවුල්වල උදවිය 58ක් සහ කුඩා දරුවන් 15ක් සිට ඇත. එසේම අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14ක් ද යානාව තුළ සිටි බව වාර්තා වේ.

පළමුවෙන්ම මෙම යානාව අතුරුදන් වූ විට වාර්තා වූයේ එහි ගමන් ගත්තේ 120 දෙනෙකු බවට ය.

මෙම ගුවන් යානාව චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. යානය තුළ ඇති වූ දෝෂය පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *