වයිකෝව මැලේසියා ගුවන් තොටුපළේ දී රඳවා ගනී

(කොළඹ, ලංකාපුවත්) – තමිල්නාඩු එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝව, මැලේසියාවේ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ගුවන් තොටුපල ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර ඇත්තේ තහනමට ලක්ව ඇති ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවැති සබඳතා පිළීබඳව මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව ය.

ඒ අනුව වයිකෝ පැයක පමණ කාලයක් මැලේසියානු ආරක්ෂක අංශ නිළධාරින්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් ඇත.

එසේම මේවන විට 73 හැවිරිදි වියෙහි පසුවන වයිකෝ මෑත කාලයේ සිර ගත කිරීමකට ලක්විය. ඒ 2009 වසරේ දී රජයට එරෙහිව ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *