ඉන්දියාව අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) – අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරඟයක් අවසන් කරමින් ඉන්දියාව අවසන් පූර්ව තරඟාවලිය සඳහා ඊයේ(11) සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතර ඔවුන් පන්දු වාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තේය.

ඉන්දියාව කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 193ක් ලබා ගත්තේය. ඉන්දියාව වෙනුවේ ශිකර් ධවාන් ලකුණු 78ක් රැස් කළ අතර විරාත් කෝලි නොදැවී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය.

තරඟය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *