උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.

ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ සදාකාලික වීරයා වන උසේන් බෝල්ට් මෙම තරඟයේ දී කිසිදු චකිතයකින් තොරව ඊට සහභාගී වෙමින් ජයග්‍රහණය වාර්තා කළේය.

මීටර් සීය ධාවන පථයෙහි තමා කිසිදාක දැඩි මානසික කැළඹීමකට පත්ව නැති බව ඔහු පවසයි.
ඔහු ඊයේ(11)තරඟය නිම කළේ තත්පර 10.03 කාලයකිනි.

අද තරඟය අතරවාරයේ අපරාජිත ක්‍රීඩකයාට ශුභ පැතීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සමඟ ජැමෙයිකාවේ අගමැතිවරයා සහ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ එක්ව සිටියහ.

ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා සිටින උසේන් බෝල්ට් දැනට මීටර් සීය සහ දේශීය තරඟ ඉසව් සඳහා වන ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.

ලබන අගෝස්තු මාසයේ ලන්ඩන් නගරයේ පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගැනීම තිස් හැවිරිදි උසේන් බෝල්ට්ගේ සැලැස්මයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *