ජල ගැලීමෙන් හානියට පත් දිස්ත්‍රික්කවල කර්මාන්ත පිළිබඳ සමීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය උපදෙස් දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘ ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ට උපදෙස් දී තිබෙනවා.

ජල ගැලීමෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 264ක් විනාශ වී ඇති බව දැනට සොයාගෙන තියෙනවා. එම කර්මාන්තවල තිබූ මිලියන 78කට අධික වටිනාකමක් සහිත යන්ත්‍රෝපකරණ විනාශ වෙලා. ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය මිලියන 54කට අධිකයි. දහසකට පමණ රැකියා අහිමි වෙලා තියෙනවා. එම ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 162ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට තම අමාත්‍යාංශය කටයුතු කරනවා යැයි ” ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *