තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිටයේ තවත් තීරණාත්මක තරගයක් අද(12) සන්ධ්‍යාවේ පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අද දිනයේ ද දරන්නේ ඇන්ජලෝ මැතිව්ස් ය.

ඉන්දියාව සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය සිල්වා කණ්ඩායමට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. ඒ අනුව ධනංජය සිල්වා අද දිනයේදී මැද පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රිඩා කරනු ඇත.

පාකිස්ථාන කණ්ඩායමේ පෙර කණ්ඩායමම අද දිනයේදී ක්‍රිඩා කරන අතර පාකිස්ථාන පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.55 ට ආරම්භ වනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − two =