ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ එමානුවෙල් මැක්රොන්ගේ පක්ෂය ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එමානුවෙල් මැක්රොන්ගේ පක්ෂය මේ වන විට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ඊයේ(11) පැවති ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 577ක් සදහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.

දැනට ගමනය කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එමානුවෙල් මැක්රොන්ගේ පක්ෂයට 32.3%කටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති බව වාර්තාවේ.

සෙසු පක්ෂ සදහා ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දෙවන වටයේ ඡන්ද විමසීම ලබන ඉරිදා පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව සමස්ත ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =