බෝ නොවන රෝග පාලනයට දැක්වූ මෙහෙවරට ජනපතිට සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – බෝ නොවන රෝග (NCDs)පාලනය සදහා දියත් කළ වැඩසටහන් සඳහා ලබාදුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත සම්මානයක් පිරිනැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළ කටයුතු පිළිබඳවද මෙහිදී ඇගයීමට ලක්වේ.

ඒ අනුව ඔක්තෝබර් මස 18 වනදා සිට 20වනදා දක්වා බෝ නොවන රෝග පිළිබඳ ගෝලීය සමුළුව උරුගුවේ, මොන්ටෙවිඩියෝ හි දී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

මේ සමුළුව සදහා ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.

අදාළ සමුළුව හා සම්මාන පිළිබඳව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල‍් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

වෛද්‍ය පාලිත මහීපාල මහතා, කලාපයේ සාමාජික රටවල් 11 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ පෝෂණ හා පාරිසරික සෞඛ්‍ය, බෝ නොවන රෝග (NCDs) සඳහා වන වත්මන් සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කරනු ලැබේ.

බෝ නොවන රෝග පාලනය සදහා කලාපයේ වඩාත් සාර්ථක පියවර ගෙන ඇති රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව හදුනාගෙන ඇත.

එසේම දුම්කොළ මත පැනවූ බදු හා සිගරට් පැකට්වල රූපමය අවවාද සියයට 80ක් හදුනවා දී මෙන්ම වසර 2020 වන විට දුම්කොළ වගා කිරීම තහනම් කිරීමට පියවර ගැනීම ශ්‍රී ලංකාව විසින් බෝ නොවන රෝග පාලනය සදහා ගෙන ඇති තවත් පියවර කිහිපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =