‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය පිළිබඳව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණි ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාර දෙමින් අවධාරණය කර ඇත්තේ ආපදාවලට ලක්වීමේ අවදානම් ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා පුහුණුව ලබා දීම අත්‍යාවශ්‍ය බව ය.

ආපදා තත්ත්වයන් අවම කිරීම සඳහා ඔවුන් විසින් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත.

ආපදා ඇති විය හැකි ස්ථානවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල යළි පදිංචි කිරීම, එම ස්ථාන ස්ථායිකරණය කිරීම, හදිසි තත්ත්වයකදී එම ස්ථානවලින් ඉවත්වීමට ජනතාවට අවශ්‍ය පුහුණුව ලබාදීම, ගංගා ද්‍රෝණිවල ජල බැස්මක් ඇතිකිරීම වැනි කරුණු ජපන් විශේෂඥ කණ්ඩායම විසින් යෝජනා කරනු ලැබ ඇති කරුණු අතර වේ.

මෙම ජපන් විශේෂඥ කණ්ඩායම 15දෙනෙකුගෙන් සමන්විත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *