ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ හා වත්මන් කළමනාකරීත්වයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කටයුතු යොදා ඇත.

නාවික හා වරාය ක්ෂේත්‍රයේ වත්මන් ලෝක ප්‍රවණතා පිළිබඳ ව අවධානය යොමු කරමින් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් ඇතුළත් කොට මෙම සැලැස්ම සැකසෙමින් පවතී.

මෙම තුන් අවුරුදු සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් ආදායම වන රුපියල් බිලියන 44ක මුදල පෙර ලෙසම දිවිත්ව අංකයකින් එළැඹෙන වසර 03ක කාලය තුළ ද පවත්වාගෙන යාමයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්තයන්හි කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික සෑම පියවරක් ම ගැනීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත නව කළමනාකාරීත්වය කටයුතු කරමින් සිටී. ඒ යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනෙකුත් සියලු වරායන් හි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සියලු ආකාරයේ උපාය මාර්ග පිළිබඳ ව ද ඒවායේ ස්ථාපිත කළ හැකි ආකාරයේ ව්‍යාපාර අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට ද බලාපොරොත්තු වේ.

මෙම නව සැලසුම කෙටුම්පත් කිරීමේ දී වරාය භාවිත කරන්නන්, වෘත්තීය සමිති හා ව්‍යාපාරික ප්‍රජාවගේ අඳහස් ලබාගැනීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *